You are here
Home > Hot News > Acer University Student Offer 2016

Acer University Student Offer 2016

ඔන්න ඉතින් අද අපි කියන්න යන්නෙ මෙට්‍රොපොලිටන් කොම්පියුටර්ස් වෙතින් විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන්ම හඳුන්වා දී අති විශේෂ ණය පහසුකමක් යටතේ ACER ලැප්ටොප් පරිගණකයක් ලබා ගත හැකි ව්‍යාපෘතිය ගැනයි.

මෙට්‍රොපොලිටන් එම් සෙන්ටර් ෆේස්බුක් පිටුවේ කියල තියෙන විදිහට මේ ව්‍යාපෘතියේ සිසුන් සඳහා ගෙන්වන ACER ලැප්ටොප් පරිගණක ඉන්ටෙල් 7th Gen ප්‍රොසෙසරයක් සමඟ නවීනතම පරිග්ණක උපාංග සහිතයි. ඒ ගැන වැඩි විස්තර පහළින් කියවන්න පුලුවන්. හැබැයි ඉතින් ඔන්න මේ විස්තරේ නම් නොකියම බැහැ, 2016 නොවැම්බර් මාසේ මුල් සතියේ වෙනකොට මේ අළුත්ම ACER පරිගණක තොගය (සීමිත තොගයක්) ලංකාවට එනව, ඒ වගේම මේ විශේෂ පහසුකම ලැබෙන්නේ පලමු සිසුන් 500 දෙනාට විතරක් කියලයි මෙට්‍රොපොලිටන් කියන්නේ.

ලංකාවේ හැමෝම දන්නවනෙ මෙට්‍රොපොලිටන් කියනකොට ලංකාවේ දිගු කලක් තිස්සේ ACER ලැප්ටොප් පරිග්ණක විකුනන්නෙ ඒ අය කියලා, ඒ හේතුව නිසාම ඉතිං ACER පරිගණකයක් බය නැතුව මිලදී ගන්න පුළුවන් තැනක් තමයි මෙට්‍රොපොලිටන් කියන්නේ. ඉතින් දන් අපි බලමු මේ ලැප්ටොප් පරිගණකවල Specifications මොනවද කියලා. මේ ව්‍යාපෘතියට ගෙන්වන පරිගණක දෙකේම මොඩල් එක එකයි, මිල වෙනස් වෙන්නේ එකිනෙකට වෙනස් Specifications වලින් තමයි.

Option 01

Make / Model Acer Aspire E5-575G
Processor Intel 7th Generation Core i5 7200U
System Memory 8 GB DDR4
Storage Subsystem 1TB
Display 15.6″ Full HD 1920 x 1080
Video Memory Nvidia GeForce GT940MX DDR5 2GB Dedicated VGA
OS Linux

Option 2

Make / Model Acer Aspire E5-575G
Processor Intel 7th Generation Core i5 7200U
System Memory 4 GB DDR4
Storage Subsystem 1TB
Display 15.6″ Full HD 1920 x 1080
Video Memory Nvidia GeForce GT940MX DDR5 2GB Dedicated VGA
OS Windows 10

මෙම ACER පරිගණක මාදිලි දෙකේම මිල අතර වැඩි පරතරයක් නැහැ, Option 1 එක රු. 77,900.00 / Option 2 එක රු. 81,900.00.  ණය පහසුකමක් එක්ක ලබාදෙන හින්ද අපිනං හිතන්නේ මිල සාධාරණයි. ඔන්න ඉතින් මේ පරිගණක මිලදී ගන්න අයට මෙට්‍රොපොලිටන් එකෙන් අවුරුදු 3ක වගකීමක්, අවුරුදු 3ක් වලංගු Virus Guard එකක් සහ පරිගණක බෑග් එකක් නොමිලේ ලබාදෙනවා. ණය පහසුකම් ගැන වැඩි විස්තර දැන ගන්න කැමතිනම් පහළින් තියෙන විශ්වවිද්‍යාල සඳහාම වෙන්කරන ලද දුරකථන අංක වලින් ලබා ගන්න පුලුවන්.

  • University of Colombo – 076 6209429 & 076 6209739
  • University of Sri Jayewardenepura – 0766209594 / 0777710776
  • University of Kelaniya – 0766209171
  • University of Peradeniya & Uva Wellassa – 0766209021
  • University of Ruhuna – 0766648568 & 0766209431
  • Eastern & South Eastern Universities – 0766209045 & 0766649169
  • University of Sabaragamuwa – 071 2722189
  • University of Rajarata – 0766649169
  • Open University of Sri Lanka – 0766209572
  • University of Moratuwa – 0766209572
  • University of Visual & Performing Arts – 0766209572
  • Wayamba University – Kuliyapitiya / Pannala – 0766209734
  • Sripali Mandapaya – Horana – 0766677261
  • University of Jaffna – 0766209572

iTalk.lk
We give you the latest additions to 3C's (Computers / Communications & Consumer Electronics) in Sri Lanka and around the world.
https://italk.lk/

Similar Posts

Leave a Reply